කොරෝනා අතරේ නාය යෑමෙනුත් මිය යයි..

Weather Rathnapura Warakapola Army Ruwanwella
By Aruna May 14, 2021 06:05 AM GMT
Report

 වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදුවූ නායයෑමක් හේතුවෙන් පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට යුද හමුදා නිලධාරීන් සමත්ව ඇත.

පස්කන්දට සිරවී සිටි එක් අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවද යුද හමුදාව පැවසීය. එම ස්ථානයේම පස් අතර සිරවී සිටි මියගිය පුද්ගලයාගේ මව ද ඉන් මුදාගෙන වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.

මිය ගිය පුදගලයාගේ සිරුර වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබේ. මේ අතර රුවන්වැල්ල මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරකට පවුල් 4කට අයත් පුද්ගලයින් 13ක් පමණ කොටු වී තිබුණි.

පසුව යුද හමුදාව පැමිණ අද (14) උදෑසන වනවිට එම පිරිස මුදා ගැනීමට කටයුතු කර තිබුණි. එලෙස මුදා ගැණුනු පිරිස අතර කුඩා දරුවන් ද විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now