මේ ප්‍රදේශවලට අද ප්‍රබල අකුණු සමග සමග ගිගුරුම් සහිත වැසි
By Mithu
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. මෙම නිවේදනය අද (07) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
එහි අනුව, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.
විශේෂයෙන්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් වේ.
මෙම වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.