තිරිඟු පිටි මිල රු. 18කින් වැඩි කරනවා…! – සමාගම අලෙවි නියෝජිතයින්ට කියයි….

By Wasantha May 03, 2021 07:38 AM GMT
Wasantha

Wasantha

Report

ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල 20%කින් වැඩි වීම නිසා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම නිෂ්පාදනය කරන 7 Star තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 18කින් අද (03) සිට වැඩි කරන බව එම සමාගම අලෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

පසුගිය වසර හයක කාලය තුළ තිරිඟු පිටි මිල සංශෝධනයකට ලක් කර නොමැත. තිරිඟු ප්‍රවාහන පිරිවැය 50%කින්ද ඇසුරුම් ද්‍රව්‍ය මිල 20%කින්ද වැඩි වී ඇති බව එම ආයතනය සඳහන් කරයි.

එම නිසා තිරිඟු පිටි මිල වැඩි කළ යුතු බව ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ද දැනුම් දී තිබේ. එහෙත් නිසි අවසරයකින් තොරව මිල වැඩි නොකරන ලෙස අධිකාරිය සමාගමට දැනුම් දී තිබේ.

ප්‍රීමා සමාගමට ද තිරිඟු පිටි මිල වැඩි කිරීම සඳහා මෙතෙක් අවසර ඉල්ලා නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාන් පිටි කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 87කි.