"අපි පවුලක් වගේ එකට හිටියා ඒ නිසා ලොකු කණ්ඩායම් හැඟීමක් තියේනවා"

Cricket
By Thaya Mar 23, 2021 06:18 PM GMT
Thaya

Thaya

Report

ඉන්දියාවේ පැවති "Road Safety" තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (22) සවස දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කණ්ඩායම එම ස්ථානයෙන් නික්ම යෑමට පෙර මාධ්‍යවේදීන් හමුවේ සිට අදහස් පළ කළේය. එහිදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් ව නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි බවය. වැඩිදුරටත් අදහස් දැක්වු සනත් ජයසූරිය,

“අපි මේ කරන හැමදේම කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උඩට යන්න ඕනේ කියන චේතනාවෙන්. ඒක තමයි අපේ බලාපොරොත්තුව. අපි අලුත් දෙයක් කරා. අපි පරණ ක්‍රීඩකයෝ ගිහින් කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරලා හැම කෙනෙක් ම ඒ ජයග්‍රහණය අපි සන්තෝෂයෙන් විඳ දරා ගත්තා.“ මාධ්‍යට අදහස් දැක්වු හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන්, “අපි කාලයකට පස්සේ අපි ක්‍රිඩා කළේ සනත් අයියලා ක්‍රිඩාවෙන් සමු අරගෙන අවුරුදු 10ක් වගේ වෙනවා. පළවෙනි දවසේ ඉදන් අපි පවුලක් වගේ එකට හිටියා ඒ නිසා ලොකු කණ්ඩායම් හැගීමක් තියෙනවා.“ ප්‍රශ්නය - ජාතික කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ ?

“ජාතික කණ්ඩායමේ ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා එක් අපි අනිවාර්යෙන් කියන්නට ඕනේ. උපරිම ප්‍රයෝජනය නේන ඕනේ. ඒ අයට හරි මාර්ගය පෙන්නුවොත් ඒ අයගෙන් හරි දේ ගන්න පුළුවන්. හිටපු නායකයෝ හැටියට දුකයි දැන් ක්‍රිකට් තියෙන තත්ත්වය ගැන. හැබැයි අපි ලෑස්ති ඕනවෙලාවක ඒ අය වෙනුවෙන් කරන්න ලෑස්ති. මම හිතන්නේ අපේ ක්‍රිකට් හදලා ගන්න පුළුවන්. “

ReeCha