හිස්‌ කබලේ සෙම පිරීම සුව කර ගන්නා ක්‍රම

Cranial Mucus
By Del Feb 14, 2021 04:44 PM GMT
Del

Del

Report

බොහෝ දෙනා පීඩාවිඳින තවත් හිසේ කැක්‌කුම් තත්ත්වයක්‌ ලෙස හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ රෝගය හඳුන්වාදිය හැකියි. සයිනසයිටීස්‌ රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාධනයන් නිසා නිපදවන සෙම හිස්‌කබලේ ඇති කුහරවල ක්‍රමක්‍රමයෙන් එකතුවීමෙනි. අපගේ නාසයට සම්බන්ධව හිස්‌කබලේ කුහර යුගල් තුනක්‌ තිබේ. එයින් එක්‌ කුහර යුගලයක්‌ ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ ෆ්‍රන්ටල් සයිනස්‌ (Frontal Sinus) ලෙසත්, දෙවැන්න ඇසට පහළින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් මැක්‌සිලරිසයිනස්‌ (Maxillary Sinus) ලෙසත්, තෙවැන්න නාසය ඇතුළතින් එත්මොයිඩල් සයිනස්‌ (Ethmoidl Sinus) ලෙසත්, පිහිටා ඇත. මේවා අපගේ නාස්‌ කුහරයට සම්බන්ධ වේ. ශ්වසන මාර්ගයේ උඩ කොටසේ නිපදවන සෙම සහ සොටු මෙම කුහරවලට ක්‍රම ක්‍රමයෙන් එකතුවීමේ ප්‍රවණතාවයක්‌ ඇත.

මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර

මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර

දැන් අපි සලකා බලමු කෙනෙකුගේ සෙම නිපදවීම වැඩිවන්නේ ඇයි ද කියා. සමහර අයට උපතින්ම ඇති පීනස හෙවත් Allergic Rhinitis ලෙස හඳුන්වන රෝග තත්ත්වය නිසා උදය කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් සයිනස්‌ කුහරවලට එකතුවිය හැකියි. සමහරෙකුට දූවිලි හෝ දුම් ඇවිස්‌සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටුදියර ගැලීමට පටන් ගනියි. මෙයට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්‌ථාවලදී ද මෙම තත්ත්වය ඇති වේ. තවද නාසයේ ඇති මස්‌දළු, පීනස්‌ ගෙඩි වැනි රෝග තත්ත්ව නිසා ද සුළු වශයෙන් හෝ සෑදෙන සෙම නාසයෙන් එළියට දැමීමට ඇති අපහසුතාවයෙන් කුහර තුළ තැන්පත් විය හැකියි. මෙසේ කාලයක්‌ තුළ එකතුවන සෙම බැක්‌ටීරියාවල ආසාධනයට සහ පැසවීමට ලක්‌වීමෙන් මෙම සයිනසයිටීස්‌ නැමැති ආසාධන තත්ත්වය ඇති වේ. රාත්‍රී කාලයේ ස්‌නානය සහ තෙත කොණ්‌ඩය පිටින් නිදා ගැනීම, නිතර නිතර සීතල වතුර පාවිච්චිය මෙම රෝග ඇතිවීමට බලපාන වෙනත් සාධක වේ.

ඔබට මෙවැනි රෝග ලක්‍ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක්‌ හමුවී පරික්‍ෂා කර බලා ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙම රෝග තත්ත්වය නිට්‌ටාවට සුවකර ගත හැකියි. හිස්‌කබලේ කුහර ඇති තැන් ඇඟිල්ලෙන් තද කිරීමෙන් දැඩි වේදනාවක්‌ ඇතිවේ නම් මෙම රෝගය ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි. ඊට අමතරව එක්‌ස්‌ කිරණ පරික්‍ෂණයක්‌ මගින් කුහර තුළ සෙම තැන්පත් වී ඇතිදැයි පැහැදිලිව බලාගත හැකියි. බොහෝ රෝගීන් මෙම කරුණු නොදැන සයිනසයිටීස්‌ රෝගයෙන් පීඩාවිඳින අවස්‌ථාවන් ඇත. එම නිසා රෝගයට නිසි ප්‍රතිකාර ලබාගැනීමත් නැවත රෝගය මතු නොවීම සඳහා අප ඉහතින් සඳහන් කළ රෝගයට බලපාන කරුණුවලින් ඉවත්වීමත් ඉතාම වැදගත් වේ. එස්‌. එන්. ඒ සේනාරත්න , ඡේෂ්ඨ නේවාසික වෛද්‍ය , විකලාංග අංශය – ජාතික රෝහල