වටුවේ සුළි කුණාටුව අද ඉන්දියාවට
පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 11,074කට අයත් පුද්ගලයින් 42,252 දෙනෙකු පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ආපදාවන්ගෙන් මිය ගිය ගණන 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.
අයහපත් කාලගුණය මේ වනවිට දිස්ත්‍රික් 7ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 61කට බලපෑම් එල්ල කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, කැළණි, කළු, ගිං, නිල්වලා යන ගංගාවල ජලය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවය. ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් මාර්ග රැසක් අදත් ජලයෙන් යටවිය.
ඒ, බද්දේගම - උඩුගම මාර්ගය, බද්දේගම - දොඩංගොඩ මාර්ගය සහ බද්දේගම - හික්කඩුව පැරණි මාර්ගයයි. පසුගිය පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල බද්දෙගමින් වාර්තාවූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කළේය.
එය මිලිමීටර් 62කි. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, උඩුගම මාර්ගයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩාවැටී මාර්ග අවහිර වී තිබුණි. මේ අතර, මේ මාපලගම - පිටිගල මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ලක්ව තිබේ. මාතර නිල්වලා ගඟ පිටාරගැලීමෙන් මාතර තුඩාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
එමෙන්ම කළුගග මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් සුළු ගංවතුර තත්වයක් හටගෙන ඇත. අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම තවදුරටත් පවතින්නේ ඉහළ මට්ටමකය.
අත්තනගලු ඔය දුනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් සුළු ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබේ. මේ අතර ඇද හැලෙන අධික වර්ෂාවෙන් ජා - ඇල ඊයේ රාත්‍රි පිටාර ගැලීමට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් ජා ඇල ප්‍රදේශයේ පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 500කි.
පැයට කිලෝමීටර 190ට වැඩි වේගයකින් හමායන "ටවුටේ" අතිශය ප්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ රාත්‍රිය වන විට ගුජරාටි ප්‍රාන්තයේ දෙසට ගමන් කරමින් සිටින බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම අතිශය ප්‍රචණ්ඩ කුණාටුව අද (17) රාත්‍රීයේ ගුජරාටි ප්‍රාන්තය හරහා ඉන්දිය ගොඩබිමට ඇතුළු වන බව ඉන්දිය හා ජාත්‍යන්තර කාලගුණ අංශ නිවේදනය කලේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |