වත්තල එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්

By Wasantha May 15, 2021 08:49 AM GMT
Report

වත්තල එන්නත් මධ්‍යස්ථානයක මහජනතාව හරවා යැවීමක් සිදු වීමෙන් අද උදෑසන දැඩි උණුසුම් වාතාවරණයක් ඇති විය.

ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සයිනෝෆාම් එන්නත ඊයේ (සිකුරාදා) වත්තල හැඳල පාරේ පිහිටි කෙරවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ලබා දී තිබේ.

එන්නත් කිරීමේ වැඩසටහන පසුදා ද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් මහජනතාවට දැනුම් දී තිබේ.