මේක අමූලික බොරුවක් අපි දෙන්නම හොඳටම දන්නවා, කවදාවත් එහෙම නොවුණු බව - වටගල කස්සප හිමිට අභියෝග කරයි

Report

ඇප ලැබුණ බලංගොඩ කස්සප හිමි ඊයේ දින මාධ්‍ය සාකච්ඡාවකට එක්වී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද දින මාධ්‍යවේදීන් විසින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් විමසීමක් කර ඇත.

එහිදී කස්සප හිමියන්ට ඔහු විසින් කළ බව කියන බලපෑම සත්‍යදැයි ඇසූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන්නේ,

සිවුර ගැලවෙනකල් අපිට ගැහුවා එළියට ගියාට පස්සේ උඹ මට කරයි කියලා තර්ජනය කළා..කස්සප හිමිගෙන් ලොකු චෝදනාවක් - ලොක්කෝ රැසකගේ නම් ගෑවෙයි

සිවුර ගැලවෙනකල් අපිට ගැහුවා එළියට ගියාට පස්සේ උඹ මට කරයි කියලා තර්ජනය කළා..කස්සප හිමිගෙන් ලොකු චෝදනාවක් - ලොක්කෝ රැසකගේ නම් ගෑවෙයි

"මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියන ගාථා පාඨය පවා අපට උගන්වන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසිනුයි. ඉතින් මේක අමූලික බොරුවක් බව ගෞරවනීය කස්සප හාමුදුරුවෝ හොඳටම දන්නවා. උන්වහන්සේගේ හෘද සාක්ෂිය එය දන්නවා. ඒ වගේම මගේ හෘද සාක්ෂියත් එය දන්නවා. මම කවදාවත් උන්වහන්සේ හමුවී නැහැ. උන්වහන්සේව මුණගැසී නැහැ. සම්බන්ධීකාරකවරයෙකු හරහාවත් කතා කරලා නැහැ. ඒ නිසා මෙය සම්පූර්ණයෙන්ම අමූලික අසත්‍යයක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියා මම දන්නේ නැහැ. මට මතක් වුණේ එක්තරා වෙලාවක ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්. අනුරාධපුරයත් පසුකරගෙන සමහර උදවිය යාපනයට සිල් ගන්න යනවා කියලා එතුමා කිව්වා. අන්න ඒ වගේ, මේ දේවල් පිටුපසත් යම්කිසි අරමුණක් තිබෙනවා. ඒක යටි අරමුණක්. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ යටි අරමුණ කවදාවත් ඉෂ්ට කරගන්න බැහැ කියලා. මොකද, මම කවදාවත් මෙවැනි ආකාරයේ වැඩකට සම්බන්ධ වෙලා නැති බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.

මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි

මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි

දැන් ජනාධිපති ලේකම් කාර්යාලයටත් එන්න කිව්වා නේද?
"නැහැ ඒක තමයි, ලේකම් කාර්යාලයට එන්න කියන්න ඕනේ මමනේ. උන්වහන්සේ කියන විදිහට මමවත් කවදාවත් උන්වහන්සේත් එක්ක දුරකථන ඇමතුමකින්වත් කතා කරලා නැහැ. වෙනත් කෙනෙකුගේ මාර්ගයකින්වත් මම කවදාවත් උන්වහන්සේට එහෙම ආමන්ත්‍රණය කරලත් නැහැ. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි උන්වහන්සේ ඊයේ මෙවැනි ප්‍රකාශයක් නිකුත් කළේ. එය මටත් ඇහුණා.
දැන් හැබැයි උන්වහන්සේ චෝදනා කළා නේද? ඔබතුමා මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නවද? ඇත්තටම මොකද වෙන්නේ?
ඉතින් මම දැන් කියනවා මේ ප්‍රකාශය අසත්‍යයක් කියලා. ඊට ප්‍රතිචාරයක් ලෙස, දින වකවානු සහිතව 'මෙන්න අහවල් කාලවල තමයි මෙහෙම ප්‍රකාශයක් කළේ' කියලා සඳහන් කරන්න උන්වහන්සේට පුළුවන්. නමුත් උන්වහන්සේගේ හෘද සාක්ෂිය වගේම මගේ හෘද සාක්ෂියත් දන්නවා, අපි දෙන්නම හොඳටම දන්නවා, කවදාවත් එහෙම සංවාදයක් නොවුණු බව."

''පහුගිය ආණ්ඩු ජන්දෙ විතරයි ඉල්ලීම් ඉෂ්ඨ කළේ නැහැ '' සුන්දරලිංගම්ගෙන් චෝදනා

''පහුගිය ආණ්ඩු ජන්දෙ විතරයි ඉල්ලීම් ඉෂ්ඨ කළේ නැහැ '' සුන්දරලිංගම්ගෙන් චෝදනා