සුසාන භූමියකදී 20කට බඹර ප්‍රහාරයක්..

Wasp
By Thaya Apr 04, 2021 03:51 PM GMT
Report

මහනුවර මහායියාව පොදු සුසාන භූමියේ දී පිරිසක් බඹර ප්‍රහාරය කට ලක්ව තිබේ. 20 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව තිබෙන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර පොලිසිය සඳහන් කරයි. මියගිය පුද්ගලයකුට අවසන් ගෞරව දැක්වීම සඳහා සුසාන භූමියට පැමිණි පිරිසකට මෙසේ බඹරුන් දෂ්ඨ කර ඇත. ප්‍රදේශවාසීන් සඳහන් කරනේ එම සුසානය ආශ්‍රිතව බඹර කූඩු බහුල වශයෙන් පවතින බවය.