ගෑස් හිගයක් අත ළඟ බවට අනතුරු ඇඟවීමක්....
Gas
By Thaya
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සමගාමීව මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම හේතුවෙන් මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන සමාගම් දැඩි මුල්‍යම කඩා වැටීමට ලක්ව ඇතැයි වාර්තා වෙයි. ඒ හරහා මෙරට වෙළඳ පොළට අවශ්‍ය ගෑස් සපයා ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. පවතින තත්ත්වය මත ගෑස් සමාගම් වලට ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට වත් නොහැකි වීම නිසා මෙරට ගෑස් හිගයක් ඇති වීමේ අවදානමක් ඇතිව තිබේ. රජය විසින් මේ සඳහා අවධානය යොමු නොකළහොත් මෙරට පරිභෝජනය අවශ්‍යතා සැපයුම අඩාල වීමේ දැඩි අවධානමක් පවතින බවද සමාගම් ආරංචි මාර්ග කියා සිටියි.