දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්.

Weather
By Thaya Apr 02, 2021 08:22 PM GMT
Thaya

Thaya

Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දක්වා ඇත්තේ අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම, වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. පොළෛාන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව අද දිනයේ එම දිස්ත්‍රික්කවලින් සෙල්සියස් අංශක 32 ත් 41 ත් අතර උෂ්ණත්වයක් වාර්තා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම තත්ත්වය යටතේ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, වෙහෙසකාරී කටයුතු සීමා කිරීම සහ සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කිරීම වැනි උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.