දිස්ත්‍රික්ක 03කට අනතුරු ඇඟවීමක්..අවධානයෙන් සිටින්න.

Gagana Wether Mahanuwara district Mathale district Keagalla district
By Aruna Apr 16, 2021 07:23 AM GMT
Aruna

Aruna

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (15) සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

අද (16) පස්වරු හය දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, ගඟවට කෝරළය, යටිනුවර, තුම්පනේ, උඩදුම්බර, දොළුව, මැදදුම්බර සහ පාතදුම්බර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයක් , මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ අරණායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙක ඇතුළුව දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 ක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබ තිබේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

[2021.4.16.12h45m16s.

[Land_Slide_warning.


Gallery