මුදල් නෝට්ටු වල මේ අංක තිබේ නම් අනතුරුදායකයි..පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.

Police Sri Lanka Gampaha Western province Banknotes
By Aruna Aug 31, 2021 06:40 AM GMT
Aruna

Aruna

Report

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ සහ අංගම්පිටිය ප්‍රදේශයේදීයී.

විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (30) පස්වරුවේ මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ඔවුන් තාවකාලිකව පදිංචිව සිටි සිදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් පරික්ෂා කිරීමේදී එහි කාමරයක සඟවා තිබූ පහත අනුක්‍රමික අංක සහිත රුපියල් පන්සීයේ වටිනාකමක් සහිත ව්‍යාජ මුදල් නෝට්ටු පන්සිය හතලිස් දෙකක් (542 ) සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසුවා.

සැකකරුවන් විසින් T/ 17 – 758552 , T/ 17 – 758578 , T/17 – 758779 අනුක්‍රමික අංක සහිත රුපියල් පන්සිය (500 ) වටිනාකමින් යුක්ත ව්‍යාජ මුදල් නෝට්ටු වංචනිකව සහ ඉතා උපක්‍රමශීලීව මුද්‍රණය කොට සීදුව, ගම්පහ, කිරිදිවෙල, වත්තල සහ ජා – ඇල පොලිස් බල ප්‍රදේශවල බෙදාහැරි ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha