ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කෙරේ
president
war heroes
soniya kottegoda
president office
By Sewvandhi
ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත්කරමින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනාධිපතිවරයා වෙත පැළදවීම අද (04) සිදුකෙරුණි.
දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් මැයි මාසය රණවිරු මාසය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේදී සිදුකෙරුණි.
ඒ අනුව අද සිට මාසයක් රණවිරු සැමරුම් මාසය ලෙස සැලකේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....