චීන විදේශ කටයුතු ඇමති කෙටි නිල සංචාරයකට දිවයිනට
චීන සමූහ ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය වොන්ග් යි (Wang Yi) මහතා අද (12) එක්දින කෙටි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු සමඟ චීන විදේශ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පැමිණ ඇති අතර, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීම සිදුව ඇත්තේ අද අලුයම 01:05ටයි.
ඔවුන් පැමිණියේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයෙන් චීනයේ බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.
"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව, ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කෙ ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතයි.