මෙරටදී සිදු වූ අති බිහිසුණු පැරෂුට් අනතුර - (PHOTOS)
Sri Lanka Army
Accident
Latest Headlines
By Sewvandhi
අද (03) වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ පැවැති පුහුණුව ලැබූ සෙබළුන් විසිර යාමේ උත්සවයේදී සෙබලුන් විසින් ඉදිරිපත්කළ පැරිෂුට් සංදර්ශනය අතරතුරුදී සෙබලුන් දෙදෙනකු අනතුරට ලක් වී ඇත.
එනම් මෙහිදී එක් පැරිෂුටයක් පතිත කලාපයෙන් භාහිරව ඇති ගස් සහිත ස්ථානයක වැටී ඇති අතර, අනෙක් පැරිෂුටය වේගයෙන් බිමට පතිත වී තිබේ.
කෙසේ නමුත් මෙම අනතුරෙන් තුවාල ලැබූ පැරිෂුට් භටයන් දෙදෙනා ප්‍රතිකාර සදහා රැගෙන ගොස් ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සදහන්.
මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාද සහභාගි වී සිටියේය.






