ඡන්දය ප්‍රකාශ කිරීම මූලික අයිතිවාසිකම් අතරට – මැතිවරණ කොමිසමෙන් අලුත් යෝජනා රැසක්
පුරවැසියාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සෘජුවම මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.
ඒ ඊයේ පැවති මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ රැස්වීමේදීයි. පළාත් සභා හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට මෙහිදී යෝජනා වී තිබෙනවා.
මැතිවරණයකට තරග කරන අපේක්ෂකයෙකු විසින් ප්‍රචාරණ කටයුතු සඳහා සිදුකරන සැබෑ වියදම් ඇතුළත් මූලාශ්‍ර ලේඛනයක් ඡන්ද විමසීම පවත්වා දින 30 ක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම තවත් යෝජනාවක්.
එය නියමිත කාලය තුළ ලබා නොදුණහොත් හෝ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් සභික ධුරය අහෝසි කිරීමටද එහිදී මැතිවරණ කොමිසමට බලතල හිමිවනු ඇති.
පාර්ලිමේන්තුවට තේරී පත්වූ යම් මන්ත්‍රීවරයෙකු ධුර කාලයේ පලමු වසර 02 තුළදී රෝගී තත්වයක් හෝ වෙනත් සුවිශේෂී සාධාරන හේතුවකින් තොරව එම කාලය තුළ පවත්වනු ලැබූ මුලු පාර්ලිමේන්තු රැස්වීම් දින ගණනින් අවම වශයෙන් 1/3 කට හෝ නොපැමිණියහොත් එම මන්ත්‍රී ධුරය අහෝසි කිරීම මැතිවරණ කොමිස ගෙන ඇති තවත් යෝජනාවක්.
පාර්ලිමේන්තු / පළාත් සභා හෝ පළාත් පාලින සභිකයෙකු අධිකරණයකින් වරදකරුවෙකු වුවහොත් සභික ධුරයෙන් එම තැනැත්තා ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරෙන යෝජනාවක් පිළිබඳවද ඊයේ දිනයේදී සාකච්ඡා වී තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයකදී යම් පක්ෂයක් සඳහා හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වෙනුවෙන් ඡන්දය පවත්වා දින 07 ක් ඇතුළත නම් කිරීම සිදුනොකල හොත් ජාතික ලැයිස්තු නාම යෝජනා පත්‍රයේ නම් සඳහන් පිළිවෙලට මන්ත්‍රී ධුර ගැසට් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන යෝජනාවක් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
මෙම සියලු යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට පත්කර ඇති කමිටුව වෙත ඉදිරිපත් කිරීමටයි ඊයේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.