රට තුළ වෛරස් උණකුත් පැතිරෙනවා

CHILDREN FEVER VIRUS DR DEEPAL PERERA DENGOU
By Sewvandhi Apr 26, 2021 10:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ මේ වනවිට උණ රෝගී තත්ත්වයන් කිහිපයක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඩෙංගු උණ රෝගී තත්ත්වය මෙන්ම වෛරස් උණ රෝගී තත්ත්වයක් ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බවය.

මේ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය. මෙම රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැහැදිළි කළේය.

"මේ දිනවල දරුවන් අතර විශේෂයෙන්ම ඩෙංගු රෝගය පැතිර යනවා. උණ, හිසරදය, ඇඟපත වේදනාව රෝග ලක්ණය තියෙන රෝගීන් මතුවෙනවා. සමහර රෝගීන්ට ඩෙංගු හා සමාන රෝග ලක්ෂණ තියෙනවා. කොරෝනාත් නෙමෙයි. ඒක යම්කිසි වෛරස් රෝගී තත්ත්වයක්. තවත් රෝගී තත්ත්වයක් මේ දිනවල දරුවන් අතර වාර්තා වෙනවා. කට වටේ තුවාල වෙනාවා. අතේ කකුලේ රතු ලප ඇති වෙන්න පුළුවන්. මෙම තත්ත්වයත් මේ දිනවල දැකගන්න පුළුවන්. දරුවන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් පාසල්වලට යවන්න එපා."