කොරෝන අස්සෙ දරුවන්ට බෝ වන තවත් වෛරසයක්

virus fever mouth deseases red dots dr.deepal perera
By Sewvandhi Apr 30, 2021 03:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කුඩා දරුවන් අතර බෝවන වෛරස රෝගයක් මේ දින වල පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු කියා සිටියේ අත්, පා, මුඛ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය වයස අවුරුදු 6ට අඩු දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන බවයි.

මුඛය තුල සහ ශරීරයේ විවිධ ස්ථාන වල රතු පැහැ ලප ඇතිවීම මෙම වෛරස රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වන අතර ඇතැම් විට උණ ඇතිවීමේ හැකියාවද පවතිනවා.

ආහාර ගැනීමේ අපහසුතාවයද මෙම රෝගය නිසා ඇති වන තවත් තත්වයක්. මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ දින වල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයට වැඩි වශයෙන් පැමිණෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට කඩිනමින් කටයුතු නොකළහොත් දරුවන්ගේ නියපොතු පවා ගැලවී යා හැකි බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now