විහාර ගම් දේවාල පණතට අත තියන්නේ නැහැ – අලි සබ්රි
Ali Sabri
By Thaya
බෞද්ධ විහාර ගම් දේවාල පණත අහෝසි කිරීමට හෝ එයට බලපෑමක් වන කිසිවක් සිදු නොකරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරනවා. තමා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට පාර්ලිමේන්තුවේදි ලබාදුන් පිළිතුරක් ඇතැම් පිරිස් වරදවා වටහා ගැනීම හේතුවෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වි ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අලි සබ්රි මහතා මෙම අදහස් පළ කළා. මුස්ලිම් නීතියට කෙරෙන සංශෝධන නිසි සැලැස්මක් සහිතව කාළරාමුවක් යටතේ සිදු කෙරෙන බවද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.