වියට්නාමයෙන් මෙරටට විශේෂ සහනාධාරයක්
වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තවදුරටත් අර්ථවත් කරමින්, එරට රජය විසින් ශ්‍රී ලංකාවට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව අනාවරණය කළේ අද (08) පෙරවරුවේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරාලීම සඳහා වියට්නාමයෙන් පොහොර ලබා ගැනීමට කළ ඉල්ලීමට එරට රජය ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා සිය ස්තුතිය පුද කළේය.