පොලිසියට කීවැයි කකුල කපා අරන් ගිය වේයන්ගොඩ බ්රැවන් ආයුධ පෙන්වද්දී වෙඩි කා මැරුණු හැටි
පොලිසියත් අපරාධයක ප්රධාන සැකකරුවකුත් අතර ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරියකුගේ වෙඩිපහරින් එම සැකකරුවා මිය යෑමේ පුවතක් පසුගියදා වේයන්ගොඩින් වාර්තා විය.මෙම ගැටුමේදී පොලිස් රියැදුරකු ලෙස සේවය කළ කොස්තාපල්වරයකුද බරපතළ තුවාල ලැබූ අතර සැකකරු රැගෙන ගිය කැබ් රියද පාරෙන් ඉවතට පැන ගසක ගැටීම නිසා දැඩි අලාභ හානියට පත්විය.සිද්ධියෙන් මිය ගියේ වේයන්ගොඩ, බ්රැවන්වත්ත බාඳුරාගොඩ පාරේ පදිංචිව සිටි යෝධපේඩිගේ නිශාන්ත කුමාරසිරි නමැති තිස් හත් හැවිරිදි දෙදරු පියෙකි.නිශාන්ත පොලිස් වෙඩි පහරින් මියගියේ ආයුධ තොගයක් හා කඩු දෙකක් සඟවා තිබූ තැනක් පොලිසියට පෙන්වීම සඳහා නිලධාරීන් සමඟ වේයන්ගොඩ හල්ගස්පිටිය ප්රදේශයට යමින් සිටියදීය.නිශාන්ත කුමාරසිරි පොලිස් අත්අඩංගුවට පත්වූයේද නැතහොත් පොලිසියට භාරවූයේද යන්න තවමත් නිශ්චිත නැත. කෙසේ වෙතත් පොලිසියට කට්ටි පනිමින් සිටි ඔහු පොලිසියට අසුවූයේ තවත් අයකු සමඟ ගොස් සිදුකළඅමානුෂික ක්රියාවක් නිසාය.නිශාන්ත ගංජා, කසිප්පු හා කුඩු ජාවාරම්වලටද කොල්ලකෑම්වලටද සම්බන්ධ වූවෙකි. අත් බෝම්බයක් ළඟ තබා ගැනීමේ වරදට හසු වූ ඔහු වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි තැනැත්තෙකි. ඒ නිසා බ්රැවන්වත්තේ හා ඒ අවට බොහෝදෙනා නිශාන්තට දැක්වූයේ දැඩි බියකි.