ව්‍යාජ ලේඛන මගින් වාහන විකුණන කල්ලියකට වැඩ වරදී

lunuvila mathale duplicate doc vehicle sale mirihaana
By Sewvandhi May 01, 2021 07:03 AM GMT
Report

වයිනේ විවිධ ප්‍රදේශවල වාහන කුලියට දෙන ස්ථානවලින් වාහන ලබාගෙන, ව්‍යාජ ලේඛන සකසා එම වාහන තෙවන පාර්ශවකට විකුණා අතුරුදහන් වන සංවිධානාත්මක අපරාධ කල්ලියක සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයින් ඊයේ (අප්‍රේල් 30) දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (මැයි 1) නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 3ක් සහ රියැදුරු බල පත්‍ර 3ක් ද සොයාගෙන ඇත. සැකකරුවන් මන්නාරම, ලුණුවිල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බස්නාහිර දකුණ, මිරිහාන පිහිටි විශේෂ විමර්ශන ඒකකය මගින් කළ විශේෂ විමර්ශනයකින් මෙම පුද්ගලයින් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මිරිහාන, යාපනය, ගල්කිස්ස, හෝමාගම, නුවරඑළිය, අනුරාධපුරය, කල්මුණේ සහ කෑගල්ල ආදී පොලිස් වසම් වලින් සැකකරුවන් මේ ආකාරයට වාහන ලබා ගෙන තෙවන පාර්ශවයන් වෙත විකුණා ඇති බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now