ජනතාවට සුබම සුබ ආරංචියක්...මෙරට වාහන මිල පහල යයි..

Sri Lanka Ajith niwad kabral Vehicle price Sri Lanka
By Aruna Aug 29, 2021 05:51 AM GMT
Aruna

Aruna

Report
161 Shares

පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.

මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.

මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේ දක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියත් සමග රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ අරමුණින් වාහන ආනයනය මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම නිසා කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ සෞඛ්‍යමය වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha