පැය 72ක් තුල රිය අනතුරු නිසා 40ක් මිය යයි
accident
deaths
drivers
ajith rohana
rules
By Sewvandhi
ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිය අනතුරුවලින් ඊයේ (16) දිනයේ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවය.
පසුගිය 14වනදා රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් වාර්තා වු බවත් 15වනදා මරණ 16ක් වාර්තා වු බවත් ඒ මහතා පැවසීය. අවනීත රියදුන්ගේ රිය පැදවීම් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවත් මාර්ග නීති උල්ලංගනය කරණ අය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකරන බවද අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.
මේ අතර අධිවේගී මාර්ගවලද විශේෂ මෙහෙයුම් දියත් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.