විවිධ කොවිඩ් ප්‍රභේද මතුවීම හමුවේ එන්නත්කරණය පමණක් විසඳුම නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

Covid-19 Corona Vaccine
By Thaya Mar 14, 2021 06:16 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේද මතු වෙමින් ඇති බැවින් එන්නත්කරණය පමණක් ඊට එකම විසදුම නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් - 19 වෛරස් ප්‍රභේදය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට ඇතුළුවිය හැකි බවයි දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් - 19 වෛරස් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාවේ හදුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පමණක් බවයි ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමාජයේ වෙනත් ප්‍රදේශවලින් මෙම වෛරස් ප්‍රභේදය වාර්තා වී නොමැති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.