ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවට අමෙරිකා සහය
Sri Lanka
US
By Thaya
ශ්‍රී ලංකාවේ අතීත සිදුවීම්වලට වගවීමක් නොමැතිවීම හමුවේ මෙවර ඉදිරිපත් වන යෝජනාවට සහය පළකරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මහතා පවසනවා. මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් ඔහු කියා සිටියේ සිරියාව සහ උතුරු කොරියාවට අදාළව ඉදිරිපත් කෙරෙන මානව හිමිකම් යෝජනාවලටද සහය දැක්විය යුතු බවයි. ලොව පුරා මානව හිමිකම් ප්‍රවර්ධනයට අමෙරිකාව කැපවී සිටින බවයි රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කලේ. මේ අතර මානව හිමිකම් කවුන්සිලයට නැවත වරක් තේරී පත්වීමට අමෙරිකාව සූදානම් බවයි ඇන්ටනී බ්ලින්කන් මහතා සඳහන් කලේ.