ප්‍රදේශයක ජනතාවට යූරියා ලබා දීමට තීරණයක්..

Sri Lanka
By Sithumi Jun 02, 2022 12:25 PM GMT
Sithumi

Sithumi

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2000ක බඩ ඉරිගු වගා කිරීම සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ හුරුළු වැව, ගලෙන්බිඳුනුවැව හා යකල්ල ප්‍රදේශවල ඉඩම් අක්කර 1000ක බඩ ඉරිගු වගාව සඳහා ද අනුරාධපුර බඩ ඉරිගු ගොවි සංසදයේ ගොවීන්ගේ තවත් අක්කර 1000ක් සඳහා ද අවශ්‍ය පොහොර දීමට තීරණය කර ඇත.

වී වගාව ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සියලුම දිස්ත්‍රික්ක වල ගොවි සංවිධාන නියෝජිතයින් සමග අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනුරාධපුර ගොවි සංවිධාන නියෝජිත කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත. ඉන්දීය රජයේ මැදිහත්වීම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 5000ක් බඩඉරිගු වගාවන් සඳහා වෙන් කර ඇත

. ඉන්දීය රජය පොහොර මෙට්‍රික් ටොන් 65000ක් කඩිනමින් මෙරටට ලබා දීමට පියවර ගෙන ඇතැයි ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසූ බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.