එල්ල වන මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා - එක්සත් ජාතික පක්ෂයෙන් රටටම දැනුම්දීමක්

Report

යෝජිත සත්ව සුභසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කරන අතරම, සත්ව සුභසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පියවරයන්ට විරුද්ධ වන බවට එල්ල වන චෝදනා එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (05) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෑත කාලීන මාධ්‍ය වාර්තා මඟින් නීති සම්පාදනය පිළිබඳ පක්ෂයේ ස්ථාවරය වැරදි ආකාරයට නිරූපණය කර ඇති බවයි.

ඒ අනුව පෙරහැරවල අලි ඇතුන්ගේ සහභාගීත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගත් විධිවිධාන ඇතුළුව යෝජිත සංශෝධන මාලාවක් පක්ෂය විසින් ගෙනහැර දක්වා ඇත.

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ප්‍රධාන බෞද්ධ නිකායන්හි මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේ සමඟ සාකච්ඡා කර අමාත්‍යවරයා විසින් පෙරහැර අලි ඇතුන්ගේ සුභසාධනය පාලනය කරන රෙගුලාසි සකස් කළ යුතු බවත්, එවැනි රෙගුලාසි සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය යෝජනා කර ඇත.

එසේම දියවඩන නිලමේ සහ මහානායක හිමිවරුන් සිව්දෙනා විසින් නම් කරන ලද නියෝජිතයන් සත්ව සුභසාධන උපදේශක කමිටුවට ඇතුළත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියා.

මේ අතර පනත් කෙටුම්පතේ අඩුපාඩු වශයෙන් විස්තර කළ දේ ඉස්මතු කරමින් පක්ෂය සඳහන් කළේ, යෝජිත නීතිය මඟින් රූපලාවන්‍ය ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට සතුන් භාවිතා කිරීම සහ වරායවලින් කුකුළු මස් සහ ගෘහස්ථ පක්ෂීන් ප්‍රවාහනය කිරීම ඇතුළු ඇතැම් ක්‍රියාකාරකම් නිදහස් කර ඇති බවයි.

නවසීලන්ත සත්ව සුභසාධන පනතේ අඩංගු සතුන්ට හිතාමතා සහ නොසැලකිලිමත් ආකාරයට හිංසා කිරීම සම්බන්ධ වැරදි ඇතුළු විධිවිධාන කිහිපයක් යෝජිත නීති සම්පාදනයට ඇතුළත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සඳහන් කර ඇත.

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

එමෙන්ම යෝජිත සත්ව සුභසාධන පනත් කෙටුම්පත සහ පවතින සත්ව පනත අතර සම්බන්ධතාවය පිළිබඳව ද පක්ෂය කනස්සල්ල පළ කළ අතර, රජයේ යෝජිත සත්ව (සංශෝධන) පනත් කෙටුම්පතේ අඩංගු විධිවිධාන නොගැලපීම් ඇති කළ හැකි බව ද ප්‍රකාශ කළ බව සඳහන්.

ඊට අමතරව සතුන් ඝාතනය කිරීමේදී ඇතිවන දුක් වේදනා අවම කිරීම සම්බන්ධයෙන් යුරෝපීය සංගමයේ රෙගුලාසි වල අඩංගු විධිවිධාන මඟ හැරීම ද එක්සත් ජාතික පක්ෂය විවේචනය කර ඇත.

එසේම සතුන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් තමන් සහාය දෙන බව පක්ෂය ‍යළි අවධාරණය කළ අතර සත්ව සුභසාධන ප්‍රමිතීන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණවලට තමන් විරුද්ධ බවට එල්ල වන චෝදනා ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න