විශ්වවිද්‍යාලයකින් කොරෝනා මතුවෙයි...දැඩි අවදානම් තත්ත්වයක්.

Covid Corona University Ruhunu campus
By Aruna May 05, 2021 01:22 PM GMT
Aruna

Aruna

Report

විශ්වවිද්‍යාල සිසුන් දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙමින් ඇති බවත් උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.

එහි කැඳවුම්කරු ඉමේෂ් සංගීත් පෙන්වා දෙන්නේ මේ වනවිට විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් ආසාදිතවීමෙන් විශ්වවිද්‍යාල තුළ කොවිඩ් වසංගතය උග්‍රවෙමින් ඇති බවය.

මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් සිසුන් 13 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන තිබීමත් සමග විශ්වවිද්‍යාලය වසා දමා සිසුන් සියලු දෙනා නිවෙස් කරා පිටත්කර ඇත්තේ නිවැසියන් ද අවදානමේ දමමින් බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මොරටුව තොරතුරු තාක්ෂණ පීඨයට අදාළ සිසුන් 4 දෙනෙකු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවය.

රුහුරු සරසවියේ ද පළමු වසරේ සිසුන් අතර ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් -19 වෛරසය පැතිර යමින් ඇති බව පෙන්වා දෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වනවිට සිසුන් 25 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බවය.

විද්‍යා පීඨයේ 11ක්, වෛද්‍ය පීඨයේ 4ක්,කෘෂිකර්ම පීඨයේ 3ක්, කළමනාකරණ පීඨයේ 5ක් සහ ඉංජිනේරු පීඨයේ 2ක් සිසුන් ආසාදිත වී ඇති බවද ඔහු සඳහන් කරයි.

ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේනදය පහතින්,


Gallery
ReeCha