විශ්වවිද්‍යාල යළි ඇරඹෙන දිනය

health university students opening j.l.pirees
By Sewvandhi Apr 19, 2021 11:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වන අඟහරුවාදා විවෘත කිරීමට තීරණය කර තිබේ. කොළඹ පැවැත් වු මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ඒ බව පැවසීය.

සෞඛ්‍ය නිර්දේශවලට දැඩි ලෙස අනුගත වෙමින් විශ්වවිද්‍යාල විවෘත කරන බවත්, නේවාසිකාගාර විවෘත කිරීමේ දී ගැටලුවක් පවතින බැවින් විශ්වවිද්‍යාල ආරම්භයේ දී 4 වන හා 3 වන වසරේ සිසුන් පමණක් ගෙන්වා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන් පසුව පළමු හා දෙවන වසරේ සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීමට නියමිත බවත් පැවසු අමාත්‍යවරයා, විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සංවිධානය කර ඇතැයි ද කියා සිටියේය.

ReeCha