යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවට.

Ukraine Tourists
By Thaya Jan 19, 2021 04:58 PM GMT
Thaya

Thaya

Report

මේ දිනවල මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද (19) දින පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත විණි.

පසුගිය දෙසැම්බර් මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ඇරඹුණු අතර එය "Bio bubble" යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වේ.

මේ වනවිට 1,200කට ආසන්න යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

එම කණ්ඩායම් රටේ විවිධ ප්‍රදේශවල සංචාරයේ යෙදෙති.

මේ වනවිට යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ඔස්සේ රුපියල් කෝටි 42ක ආදායමක් උපයා ගෙන ඇති බව බලධාරීන් පැවසීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එමගින් සංචාරක ක්ෂේත්‍රය ට අත්වැලක්දීම බලධාරීන්ගේ අරමුණකි.

කෙසේ වෙතත් ජනවාරි 21 වනදා සිට විදෙස් සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමට සියලු පියවර ගෙන ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.