උඩුදුම්බර කාශ්‍යප හිමිගේ ලක්‍ෂ 70ක් වටිනා ඇක්සියො එක ඉස්සූ තරුණයා පැය බාගෙන් අත්අඩංගුවට

Arrest
By Thaya Mar 11, 2021 09:37 PM GMT
Thaya

Thaya

Report

කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට අයත් ටොයෝටාඇක්සියෝ වර්ගයේ මෝටර් රථයක් ඉකුත් 09දා පස්වරු 07.15ට පමණ තලවතුගොඩ ලංකා බැංකුව අසලනවතා තිබියදී සොරාගෙන තිබුණු අතර සොරකමෙන් පැය භාගයක් ගතවීමට පෙර එම වාහනය පොලිස්භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත්වී තිබේ.

කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේදී එම මෝටර් රථය සොයා ගෙන තිබුණේ වාහනයට සවි කර තිබුණු GPSතාක්ෂණය ඔස්සේ සිදුකළ ලුහුබැඳීමෙන්ය. වාහනය පොලිස් භාරයට ගන්නා විට අංක තහඩුව ගලවා තිබුණුඅතර GPS පද්ධතිය ගැලවීම සඳහා වාහනයේ තවත් කොටසක් ගලවමින් සිට ඇත.

එම මෝටර් රථයේ වටිනාකම රු. ලක්ෂ 70ක් පමණ වන අතර මෝටර් රථය සොරාගත් බවට සැකපිටකලල්ගොඩ විද්‍යාල හන්දියේ පදිංචි 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (10දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටනියමිතව තිබූ අතර තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේඋපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක මුදිතප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් පො.කො. සඳරුවන් (91880), පො.කො.

උදේරත්න (73320)පො.කො. අමිත් (79185) සහ පො.කො. උබේසේකර (85207) යන යන නිලධාරීන් විසින් අත්අඩංගුවටගැනීම සිදු කර තිබිණි. තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.