යුක්රේන බුබුළ සමග උදයංග සීගිරියේ..
Ukraine
By Thaya
මෙරට සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් 45 දෙනෙකු ඊයේ දිනයේ සීගිරිය නැරඹීමට ගොස් තිබිණි.
මෙම කණ්ඩායම සමග රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ද එක්ව සිටියේය.
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම පිරිස පිලිගැනීම සදහා පිළිගැනීමක් සීගිරියේ සංවිධානය කර තිබිණ.
විදේශීය සංචාරකයන්ට පොලිස් සහ යුද හමුදා පුර්ණ ආරක්ෂාව ද සලසා දී තිබුණි.
ඔවුන් සීගිරිය තරණය කළ අවස්ථාවේදී කිසිදු දේශීය සංචාරකයකුට ඊට ගමන් කිරීමට අවසර නොදුන් අතර දේශීය සංචාරකයන්ට අවස්ථාව ලබා දුන්නේ විෂබීජහරණය කිරීමෙන් පසුවය.