දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Police
By Thaya Mar 29, 2021 07:13 PM GMT
Report

කොළොන්න වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

එම තරුණයන් දෙදෙනා ඊයේ (28) දහවල් දිගනවෙල ඇල්ලේ දියනෑමට ගොස් ඇති අතර එහිදි දියේ ගිලි ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පසුව සිදුකළ සෝදිසියකදි තරුණයන් දෙදෙනාගේ මළසිරුරු හමුවී ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු වන අතර කොළොන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි