මහනුවරදී බස්රථයකට තල්ලුකර තරුණයෙකු ඝාතනය කරලා – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Police
By Thaya
මහනුවර උඩුවෙල මාර්ගයේදී බස්රථයකට යටකිරීමට සලස්වා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. මහනුවර උඩවෙල මාර්ගයේදී වෑන් රථයකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී වෑන් රථයේ සිටි තරුණයෙකුට පහරදී එම තරුණයාව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් දෙසට තල්ලු කර මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාකියා සිටියේ.