පාසල් සිසුවියන් දෙදෙනෙකු දුම්රියේ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
By Sewvandhi
පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටී විසිවීගොස් අද (30) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබුණි. ඒ අම්බලන්ගොඩ කුලරත්න පාලම ප්‍රදේශයේදීය
අනතුරෙන් තුවාල ලැබූ එක් සිසුවියක් බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.
සිසුවියන් දෙදෙනා අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දුම්රියක් පැමිණෙන බවට නිරීක්ෂණය වීමෙන් මාර්ගයෙන් පිටතට යාමේදී දුම්රියේ ගැටී තිබේ.
17 හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා අද උදෑසන උපකාරක පංතියකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |