ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පාසලක ගුරුවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Police
By Thaya Mar 28, 2021 05:40 PM GMT
Thaya

Thaya

Report

පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනෙකු ඊයේ (26) දින අත්අඩංගුවටගෙන තිබූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

ඔවුන් දෙදෙනා අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන හලාවත සහ මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම පුද්ගලයින් දෙදෙනා සේවය කරමින් සිටි මද්‍රසා පාසලට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවා වන සහරාන් හෂීම් නමැත්තා පැමිණ දරුවන් සඳහා දේශන පවත්වා ඇති බවට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව සිදුවූ විමර්ශන මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනි.