සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

Covid-19 Quarantine
By Thaya Jan 25, 2021 07:19 PM GMT
Thaya

Thaya

Report

සමගි ජනබලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (25) දිනයේ අනාවරණය වු මහනුවර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස ඔවුන් හඳුනාගැනීම හේතුවෙනි.

පසුගිය 21 වනදා රූපවාහිනි නාළිකාවක පැවති දේශපාලන වැඩසටහනකට වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රිවරයා සමග හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් සහභාගි වී තිබේ.

එමෙන්ම ඔවුන් දෙදෙනා අද (25) පෙරවරුවේ පැවති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ද සහභාගි වී තිබුණි.

සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ස්වයං නිරෝධායනයට යොමුවීමට පියවර ගත් බව හේෂා විතානගේ මන්ත්‍රිවරයා පැවසීය


ReeCha