වෛද්‍ය සිසුවියන් දෙදෙනා ලංකාවේ පෙම්වතුන් දෙදෙනා අතින් මරුට

Police Murder
By Thaya Jan 21, 2021 11:50 AM GMT
Thaya

Thaya

Report

ප්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී දින පහක් ඇතුළත යාපනයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ම ශ්‍රී ලංකාවේ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතින් ඝාතනයට ලක්ව තිබේ.ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙම ඝාතන සිදුව ඇති බව වාර්තා වේ.යාපනයේ, අලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි එස්. කාර්තිකා නමැති 20 හැවිරිදි තරුණියට ඇගේ ශ්‍රී ලාංකික දෙමළ ජාතික පෙම්වතා පිහියෙන් ඇනීම හේතුවෙන් මරුමුවට පත්ව ඇත. ඒ පසුගිය 13 වන දා ය.යාපනයේ, මන්ඩුවිල් ප්‍රදේශයෙන් ප්‍රංශයට ගිය 19 හැවිරිදි ස්නේහා චන්ද්‍රරාසා නමැති තරුණිය ඇගේ පෙම්වතා විසින් ගෙල සිරකොට පසුගිය 8 වන දා මරා දමා තිබේ.ප්‍රංශයේ සිටින මියගිය තරුණියන් දෙදෙනාගේ ඥාතීන් පවසනුයේ සැකකාර තරුණයින් දෙදෙනා තවත් පොලිස් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.ප්‍රංශ පොලිසිය සැකකාර තරුණයන් දෙදෙනාගේ ඡායාරූප පෙම්වතියන් ළඟ තිබී සොයා ගෙන ඇති අතර, ඒ ඔස්සේ හා ආරක්ෂිත කැමරා දර්ශන ආධාරයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.