ලොරි රථයක් දරුණු අනතුරක් - දෙදෙනෙක් එතනම මරුට

Report

වාරියපොල - කටුපොත මාර්ගයේ නෙළුම් කණුව, කොළමුණුඔය පාළමෙන් ලොරි රථයක් පෙරළී යාමෙන් සිදු වූ දරුණු අනතුරකින් එහි ගමන් කළ රියදුරා සහ සහයකයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (12) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 63 සහ 42 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුරක්

තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුරක්

මෙම ලොරි රථය ආණමඩුව ප්‍රදේශයේ සිට ගඩොල් පටවාගෙන මීරිගම දෙසට ගමන් කරමින් සිටියදී පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බවට කටුපොත පොලිසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.

අනවසරයෙන් මගී ප්‍රවාහනය සඳහා යෙදවූ බස් රථයකට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග

අනවසරයෙන් මගී ප්‍රවාහනය සඳහා යෙදවූ බස් රථයකට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග