ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් දැනුම්දීමක්
මේ දිනවල පවතින අධික උණුසුම් සහිත කාලගුණයට නිරාවරණය නොවි අවුරුදු ක්‍රීඩා සිදුකරන ලෙස ක්‍රීඩා වෛද්‍ය ආයතනය සදහන් කරයි.
අවුරුදු ක්‍රීඩා එළිමහන් ස්ථානවල පවත්වන්නේ නම් සැලසුම්සහගතව එම ක්‍රීඩා පැවැත්විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් බොහෝ ස්ථානවල අවුරදු උත්සව ඇතුළු විශේෂ ක්‍රිඩා ඉසව් සංවිධාන කරනු ලබයි.
එහෙත් මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය අධික ලෙස වෙහෙසකාරී ලෙස සිදුකරන ක්‍රිඩාවලට හිතකර නොවන බැවින් ඒ පිලිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරුන් ජනතාවට දැනුම් දී තිබේ.
අවුරශ්මිය සහිත ස්ථානවල දිගු කාලයක් රැඳී නොසිට සෙවන සහිත ස්ථානවල එම ක්‍රීඩා සැලසුම් සහගතව පවත්වන ලෙස ඒ වගේම අවුරුදු උත්සව සංවිධායකයන්ට ද දැනුම් දී ඇත.