ඇමෙරිකාව සහ ඉරාන සටන් විරාම මැද්දේ ඉරාකයට නව ජනාධිපතිවරයෙක්

Report

 දීර්ඝකාලීන දේශපාලන අර්බුදයකට විසඳුම් සපයමින් ඉරාකයේ නව ජනාධිපතිවරයා ලෙස නිසාර් අමෙඩි (Nizar Amedi) තෝරා පත් කරගත් බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

කුර්දිස්තාන් දේශප්‍රේමී සංගමය නියෝජනය කළ 58 හැවිරිදි අමෙඩි මහතා, පාර්ලිමේන්තුවේ පැවති දෙවන වටයේ ඡන්ද විමසීමේදී ඡන්ද 227ක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

2003 වසරෙන් පසු ඉරාකයේ 6 වන රාජ්‍ය නායකයා ලෙස පත්වූ ඔහු, "ඉරාකය ප්‍රථම ස්ථානයට" යන මූලධර්මය මත පිහිටා කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්නේය.

සියල්ල හඩවමින් අසාහය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි

සියල්ල හඩවමින් අසාහය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි

ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති යුද්ධය නිමා වී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක මෙම පත්වීම සිදුවීම විශේෂත්වයකි.

ඉරාකයේ පවතින බලය බෙදාගැනීමේ සම්ප්‍රදායට අනුව ජනාධිපති ධුරය කුර්දි ජාතිකයෙකුට හිමි විය යුතු අතර, දැන් සියල්ලන්ගේම අවධානය යොමුව ඇත්තේ ෂියා මුස්ලිම්වරයෙකුට හිමිවන අගමැති ධුරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම කෙරෙහිය.

හිටපු අගමැති නූරි අල් මලිකිගේ නම ඒ සඳහා යෝජනා වී ඇතත්, ඔහු අගමැති වුවහොත් සහයෝගය නතර කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබීම නිසා දේශපාලන කරළිය උණුසුම් වී තිබේ.

කොරියන් යන්න සිහින දකින ඔයාට සුබ පණිවිඩයක්

කොරියන් යන්න සිහින දකින ඔයාට සුබ පණිවිඩයක්