ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සේවකයන්ට ලොකු අවුලක් - වන්දි ගෙවලා නෑ

Report

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ලැබූ සේවකයින්ට මෙතෙක් පොරොන්දු වූ වන්දි මුදල් ගෙවා නොමැති බවට එම විශ්‍රාමික එකමුතුව චෝදනා කරයි.

පසුගිය මාර්තු 09 වැනි දින විදුලිබල මණ්ඩලය සමාගම් 6කට බෙදා වෙන් කිරීමත් සමඟ, නව ව්‍යුහයට අනුගත වීමට අකමැති වූ සේවකයින් සඳහා රජය ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදයක් (VRS) හඳුන්වා දී තිබුණි.

ඒ අනුව සේවක සේවිකාවන් 2,000කට ආසන්න පිරිසක් එම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගත් අතර, ඔවුන්ට උපරිමය රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ලබා දෙන බවට රජය පොරොන්දු වී තිබිණි.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කෙසේ වෙතත්, විශ්‍රාම ගෙන මසකට අධික කාලයක් ගතවී ඇතත් මෙතෙක් එම වන්දි මුදල් ගෙවීමට පියවර නොගැනීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් අදාළ විශ්‍රාම එකමුතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දීර්ඝ පැමිණිල්ලක් යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙතද ලිපියක් යොමු කරමින් ඔවුන් කරුණු දක්වා තිබේ. අදාළ වන්දි මුදල් නොලැබීම හේතුවෙන් තමන් මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව පවසන මෙම පිරිස, එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි කනගාටුව පළ කරති.

ඉදිරියෙදී අමෙරිකාවේ වෙනසක් වෙයිද? නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා සූදානම් වෙයි

ඉදිරියෙදී අමෙරිකාවේ වෙනසක් වෙයිද? නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා සූදානම් වෙයි