LTTEය ප්‍රවර්ධනය වන අයුරින් කටයුතු කළ කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Police
By Thaya Mar 29, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවිය පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, යු-ටියුබ් නාලිකාව සහ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය යාපනය, නාවලර් වීදිය ප්‍රදේශයේ ස්ථානයක් අද (29) දින පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ස්ථානය භාරව සිටි කාන්තාව හා පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

35 හැවිරිදි කාන්තාවක් හා 36 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අදාළ ස්ථානයේ තිබී පරිගණක 5ක් හා ලැප්ටොප් පරිගණක 5ක් ඇතුළු තවත් උපකරණ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකින් තහවුරු වී ඇත්තේ, එම යු-ටියුබ් නාලිකාව හා වෙබ් අඩවිය මඟින් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරමින් විවිධ පුවත් පළ කරන බවට ය.

ත්‍රස්ත වාදය වැළැක්වීමේ ප්‍රතිපාදන යටතේ සැකකරුවන් ඉදිරියේ දි රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය‍.

සැකකාරිය හා සැකකරු මේ වන විට කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන එමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය