24 හැවිරිදි තරුණයින් දෙදෙනා දියේ ගිලී මරුට

Death
By Thaya Mar 21, 2021 06:43 PM GMT
Report

මාවනැල්ල - මාඔයේ බෝවැල්ල ප්‍රදේශයෙන් දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (21) සවස 3.30ට පමණ තරුණයින් පිරිසක් විසින් මාඔයේ දිය නෑමට පැමිණ ඇති බව වාර්තා වේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බව වේ. මියගිය තරුණයින් දෙදෙනාගේ මෘත ශරීර මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.