දෙවන රැල්ලේ කොරෝනා ආසාධිතයන් විසිදහසක් කොළඹින්...නොසිතු වැඩි වීමක් !!!
කොවිඞ් දෙවන රැල්ලේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාධිතයන් සංඛ්‍යාව 20 දහස ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී සටහන්වූ ආසාධිතයන් 37 දෙනාද සමගයි.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹින් වාර්තාවු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 20 දහස් 017 ක්.
ගතවු පැය 24 තුළදී මෙරටින් වාර්තාවූ කොවිඞ් ආසාධිතයන් 569 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන්වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එය 110 ක්. ගම්පහ 88 ක් / කෑගල්ලේ 52 ක් / රත්නපුර 33 ක් / වව්නියාවේ 32 ක් / මහනුවර 28 ක් / කුරුණෑගල 24 ක් / ගාල්ලේ 18 ක් සහ මාතලේ 15 ක් ඊයේ ආසාධිතයන් අතර වනවා.
පුත්තලමේ 12 ක් / පොළොන්නරුවේ 10 ක් / මොණරාගල 09 ක් / නුවරඑළියේ 09 ක් / හම්බන්තොට 03 ක් / යාපනයේ 02 ක් / මඩකලපුවේ 02 ක් / මුලතිවු 02 ක් / අනුරාධපුර 02 ක් සහ අම්පාරේ 02 ක්ද ඊයේ ආසාධිතයන් අතරට අයත්.
විදේශයන්ගෙන් පැමිණි එක් අයෙකුද ප්‍රදේශය තහවුරු කර නොගත් 78 ක්ද ඊයේ ආසාධිතයන් අතර වනවා.