කොරෝනා නීති කඩමින් පැවැත්වූ ටියුෂන් පන්තියක් නවතා දමයි..

Covid Corona Hatton Tution class
By Aruna Apr 25, 2021 03:51 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දැඩි අවධානම හේතුවෙන් සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව හැටන් කොටගල ප්‍රදේශයේ (24) දින පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් නතර කිරිමට හැටන් කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් කර ඇති අතර, එම උපදෙස් වල උපකාර පන්ති පවත්වාගෙන යාම සපුරා තහනම් බවටද සදහන් කර ඇති බවයි කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා කියා සිටියේ.

උපකාරක පන්ති වෙත ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා උපකාරක පන්ති පවත්වාගෙන ගිය ගුරුවරුන් හමුවේ එම උපදෙස් පත්‍රිකාව කියවා තේරුම් කර දිමෙන් අනතුරුව බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් ආපසු නිවාස කරා යැවිමට එම ගුරුවරුන් කටයුතු කරනු ලැබුහ.

ReeCha