පිපිරීමකින් 5ක් ජීවිතක්ෂයට(විදෙස්)

By Sithumi Jun 10, 2023 12:29 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තුර්කියේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදුව ඇති බවයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 5දෙනෙකු මියගොස් ඇති බවය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමත් සමග අදාල කර්මාන්තශාලාව පිහිටි ගොඩනැගිල්ලද කඩා වැටී ඇති බවය.

අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිලල් තුළ සිටි එම කර්මාන්තශාලාවේ සේවකයින් 5දෙනාම මිය ගොස් ඇති බව බලධාරීන් පවසයි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now