බස්නාහිර පාසල් සහ සෙසු ප්‍රදේශයන්හි උපකාරක පංති අද සිට ඇරඹේ.

Education Western Province
By Thaya Jan 25, 2021 02:40 PM GMT
Thaya

Thaya

Report

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් අධ්‍යයන කටයුතු අද (25) සිට ආරම්භ වනවා.

අද දින විවෘත වන බස්නාහිර පළාතේ පාසල් විෂබීජහරණ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දිනයේ දී සිදුකෙරුණි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිත අතර බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ අධ්‍යයන කටයුතු සිදුකෙරෙන පාසල් විවෘත කෙරෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා සඳහන් කළා.

නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමග බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා යළි විවෘත කරනු ලැබීය.

මේ අතර අද සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම පංති පැවැත්වීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ReeCha